වැටුප් විෂමතා ඉවත් කර ගැනිම වෙනුවෙන් දුම්රිය සංගම් කිහිපයක් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හැර දැමීමට ඔවුන් තීරණය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් එනම් දින දෙකක කාලයක් ඔවුන් වර්ජනය කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා හා වැටුප් කොමිසම සමග පැවැති සාකච්ඡාවෙන් පසුව වැටුප් විෂමතා ඉවත්කිරීමට පොරොන්දුවීමත් සමග දුම්රිය වර්ජනය අත්හැර දැමීමට දුම්රිය වෘත්තීය සමති කටයුතු කර තිබේ.