අද (27දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය සිදුකිරීමට සැලසුම් කළ බවත්, එහෙත් අද (27දා) ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී එම ගැටලු විසඳන බවට පොරොන්දු වූ බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.