අනුමත කළ වැටුප් ඉල්ලා ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුව අද දහවල් 12.00 ට වැඩවර්ජනයක් සිදු කළහොත් තම සංගමයෙන් ඊට පූර්ණ සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සඳහන් කරයි.
ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිතිය විසින් මෙම වැඩවර්ජනය කැඳවා තිබෙන්නේ අදාළ ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා කළත්, ඊට නිසි විසඳුම් නොලැබුණ නිසා බවත්, මේ නිසා එම සේවකයන්ගේ අයිතිවාසිකම් දිනාදීමට තම සංගමය වැඩවර්ජනයට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී.විතානගේ මහතා සඳහන් කළේය.