දුම්රිය දඩ මුදල හෙට (01දා) සිට රුපියල් 3000 දක්වා ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ප්රවේශපත්ර වැරදි සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවන ආදායම වළක්වාගැනීමට සහ නිවැරදි ආකාරයට දුම්රියේ ගමන් කරන මගීන්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
එමෙන්ම ප්රවේශපත්ර වරදක් කොට හසුවන මගියා ගමන් කරන දුම්රියේ ආරම්භක ස්ථානයේ සිට දුම්රියේ ගමනාන්තය දක්වා එම මගියා ගමන්කළ පංතියට අදාළ ගාස්තුව මෙන් දෙගුණයක මුදලක්ද, දඩ මුදලට අමතරව රුපියල් 3000ක්ද අයකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
දුම්රිය තුළ ප්රවේශපත්ර නොමැතිව ගමන් කිරීම, අදාළ පංතියේ ගමන් නොකිරීම, ගමනාන්තය ඉක්මවා ගමන් කිරීම, ප්රවේශපත්රයේ සඳහන් පංතියට වඩා ඉහළ පංතියක ගමන් කිරීම, ගමනේ සුළු කොටසකට පමණක් ප්රවේශපත්ර ලබා ගනිමින් ගමන් කිරීම ආදී වැරදි සම්බන්ධයෙන් මෙලෙස දඩමුදල් අය කෙරේ.