දුම්රිය ගැන සොයන්න කොමිසමක් ඉල්ලයි
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදුවන මහාපරිමාණ වංචා, දූෂණ නිසා දුම්රිය සේවාව දිනෙන් දිනම කඩාවැටීමකට ලක්වන බවත්, මේ නිසා මෙම වංචා දූෂණ නැවැත්වීම සඳහා කොමිසමක් පත්කරන ලෙසට ඊයේ (21දා) දිනයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය මැදිරි මිලදී ගැනීම, දුම්රිය මාර්ග ඉදිකිරීම හා දුම්රිය ඉඩම් බදු ලබාදීම හරහා මෙම වංචා සිදුවී තිබෙන බවද එම සංවිධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
මෙම වංචා,දූෂණ සිදුකිරීමට අමතරව දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය හඳුන්වා නොදීම, එන්ජින් හා මැදිරි නිසිලෙස නඩත්තු නොකිරීම, දුම්රිය දෙපාර්තමේන්තු ගොඩනැගිලි ඉදිකිරීම් නීති විරෝධී ආකාරයට පෞද්ගලික අංශයට ලබාදීම ආදිය තුළින්දෙපාර්තමේන්තුව කඩාවැට්ටවීමට පිරිසක් කටයුතු කරමින් සිටන බවද පවසා සිටියේය.
මේ නිසා දුම්රිය ගොඩගැනීම සඳහා මෙම ක්රියා නවතා දැමිය යුතු බවත්, ඒ සඳහා කඩිනමින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙසට ඉල්ලා සිටි බවත් හෙතෙමසඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

