ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට පත්කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී  විජය සමරසිංහ මහතා ‘අද’ ට පැවසීය.  දුම්රියක රියදුරුවරයෙකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ  වැඩි වේලාවක් නවතා  තැබීමට සිදුවීමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රාගම දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමාවී තිබිණ.