දුම්රිය ඔස්සේ ගල් අඟුරු ප්‍රවාහනය අද සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ. ඒ අනුව ත්‍රිකුණාමලය සිට මහව දක්වා ගල් අඟුරු ප්‍රවාහනය සිදු කෙරෙන බව නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ද ඉදිරියේදී දුම්රිය මගින් ගල් අඟුරු ප්‍රවාහනයට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.