බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව, ඇල්ල, ප්‍රදේශවල පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ප්‍රදේශ දේශපාලඥයෙකු විසින් සිය හිතවතුන්ට බෙදාදෙමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සඳහන්කරයි.
හිතවතුන්ට ඉඩම් ලබාදීම සඳහා මේ වනවිට ඉඩම් කච්චේරි පවත්වමින් සිටින බවද එම සංගමයේ සමකැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ ඉඩම් බලතල මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශය සතුකර ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.