ලංකාව තුළ අලෙවි වන සිගරට් වර්ග ඉතා ලාභවීම නිසා පාසල් ළමුන් හා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් දුම්පානයට පෙළඹෙන බව දුම්කොළ හා මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේය.
මෙරට ඒකපුද්ගල ආදායම මත සලකා බැලූවිට සිගරට්ටුවක අවම මිල රුපියල් 45 ක් වියයුතු බවත්, ලොව සෑම රටකම පාහේ සිගරට් භාවිතය පාලනය කිරීම කෙරෙහි මිල වැඩි කිරීමේ ක්‍රමවේදය භාවිත කරන බැවින් මීළඟ අයවැය ප්රකාශනය තුළින් සිගරට් මිල ගණන් ඉහළ දමා සිගරට් පරිභෝජනය පාලනය කිරීමට රජය පියවර ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.