ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීමට කැපවෙන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඉදිරි ජනපතිවරණය සඳහා නාම යෝජනා බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවැසීය.
"සන්ධානයක් පෙරමුණක් වශයෙන් අපි ඉදිරිපත් වෙලා සිටින්නේ. නාමා යෝජනා දීමට පෙර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. අපිට විශාල ජන සහයක් ලැබුණා. දුප්පත් ජනතාවගේ දුගී බව තුරන් කිරීමට, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට, යහපත් රටක් බවට අපේ රට පත්කිරීම සඳහා මම කැපවෙන බව පොදු මහජනතාව ඉදිරියේ ප්‍රතිඥා දෙනවා." යැයි හෙතෙම පැවැසීය.