වැව්ගම්පත්තුව කෝරලයේ පොතු බන්ධන ටැම් ගොඩ රජ මහ විහාරාධිපති දීඝවාපි රජමහ විහාරාධිපති, වෙල්ලස්ස මඩකලපුව දිසාවේ ප්‍රධාන සංඝ නායක නන්නපුරාවේ බුද්ධ රක්ඛිත නාහිමියන්ගේ දේහය අම්පාර සඳසිරි මල් ශාලාවේ සිට දීඝවාපි රජමහ විහාරස්ථානයට වැඩම කළහ.
දේහය අද (13 දා) සිට අවසන් ගෞරව දැක් වීමට විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබේ. අම්පාර දීඝවාපි ප්‍රධාන මාර්ගයේ දේහය රැගත් පෙරහැර ගමන් කළ අතර මග දෙපස සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.