ප්රදේශ රැසකට යළිත් තද වැසි පවතින බැවින් දිස්ත්රික්ක පහක නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය.
මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්රික්කයන් තුළ එලෙස නායයාම් ඇතිවිය හැකිබව එහි අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.
නිරිත දිග මෝසම් වර්ෂාව සක්රීයවීම හේතුවෙන් කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කයන්හි දැඩි නායයෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවන නිසා උස් ස්ථාන හා කඳු ආශ්රිතව ජීවත් වන්නන් හට රජය අනතුරු ඇඟවා තිබේ.
එමෙන්ම
මහනුවර දිස්ත්රික්කයේ -
උඩපළාත, පස්බාගේකෝරළේ, උඩුනුවර සහ ගඟවට කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස,
රත්නපුර දිස්ත්රික්කයේ-
කිරිඇල්ල, අයගම, ඇහැළියගොඩ, රත්නපුර සහ කුරුවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාස,
නුවරඑළිය දිස්ත්රික්කයේ -
අඹගමුවකෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය,
කෑගල්ල දිස්ත්රික්කයේ -
දැරණියගල, දෙහි ඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, වරකාපොළ, රඹුක්කන, මාවනැල්ල සහ ගලිගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස
කළුතර දිස්ත්රික්කයේ -
අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාස
යන ප්රදේශ නායයෑමේ වැඩි අවදානමක් ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පැවසීය.