විවිධ අමාත්‍යාංශවල කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරු නිරන්තරයෙන් කොළඹට කැඳවීම සීමාකිරීමට රජය තීරණය කර තිබේ.
මාසයකට දින දෙකක සමුළුවක් ලෙස අදාළ සියලු අමාත්‍යාංශවල සාකච්ඡා පැවැත්වීමටත්, එම දින දෙකට පමණක් දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඊයේ (24දා) කැබිනට් අනුමැතිය හිමිව තිබේ.