දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 21ක් ආපදාවට ලක්ව තිබෙන බව ආපාදා කළමනාකරණ ඒකකය කියයි.
කොළඹ, ගාල්ල, මාතර හා ගම්පහ දිස්ත්රික්ක ආපදාවට ලක්වී නැත.
ආපාදාවන්ට ලක්වූවන් සඳහා සහන සැලසීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙන අතර එයින් රුපියල් මිලියන 450ක් මුදා හැර තිබේ.
පවුල් 115658ක පුද්ගලයන් 1,050,000 කට අධික පිරිසක් විපතට පත්ව තිබේ.