ශ්රී ලංකාවේ පරිපාලන දිස්ත්රික්ක 25න් 21ක්ම තමන් ජයගන්නා බව පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
වරකාපොළදී ඊයේ (21දා) පැවැති පොදු විපක්ෂයේ රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
"ශ්රී ලංකාවේ පරිපාලන දිස්ත්රික්ක 25න් 21කම ජය අපිට හිමවන බව සමීක්ෂණ වලින් පෙන්වා දී තිබෙනවා. අපි හදන ආණ්ඩුවෙන් මේ රටේ දුප්පත්කම නැතිකරනවා. 9 වැනිදාට අපි දිනපුවාම මේ සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම කරනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
වරකාපොළ රංගන රුවන්