කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද (15දා) දිනයේදී වැසි සමග අකුණු ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවලට වැසි ඇතිවීමේදීත් අකුණු ඇතිවිය හැකි නිසා ධීවර ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, වැසි සමග අකුණු ඇති වනවිට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර පසුගිය දිනවල දිස්ත්‍රික්ක 15 කට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 12,037 කට අයත් පුද්ගලයන් 45,180 කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව තිබෙන බවත්, එම පිරිසෙන් පවුල් 2,358 කට අයත් පුද්ගලයන් 9,545 ක් ආරක්ෂිත කඳවුරු 73 ක රඳවා තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.