දින 10කට අධික කාලයක සිට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 13කට අයත් පවුල් 208කට අයත් පුද්ගලයන් 10,802 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඇති වූ සුළං තත්ත්වය සහ කඳු නායයාම සහ පස් කණ්ඩි කඩාවැටීම නිසා පුද්ගල මරණ 08 ක් සිදුව තිබෙන අතර, අතුරුදන් වී සිටින ප්‍රමාණය 192 ඉක්මවා තිබේ. නිවාස හානි 350කට අධික ප්‍රමාණයක් වාර්තාවන අතර ආරක්ෂක ස්ථාන 02 ක පවුල් 243කට අයත් පුද්ගලයන් 818 ක් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට පවතින දැඩි නියං තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 11 ක පවුල් හාරලක්ෂ දෙදහස් හයසිය හයක පුද්ගලයන් දාහතර ලක්ෂ හතළිස් පන්දහස් හාරසිය හැත්තෑපහක පිරිසක් පීඩාවට පත්ව තිබේ. මෙහි පුත්තලම දිස්ත්‍රික්කයේ එක් කොටසකට නියං තත්ත්වයකුත්, තවත් ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්ද සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.