පසුගිය පැය 24 තුළදී රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කළුතර, ගාල්ල, කුරුණෑගල, කොළඹ හා ගම්පහ දිස්ත්රික්කවල කඳු ප්රදේශ නාය යෑම්වලට ලක්විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
නාය යෑම් ලක්ෂණ ඇති වන්නේ නම් වහාම එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (27දා) සවස 4.00 සිට හෙට (28දා) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බවද එම සංවිධානය සඳහන් කරයි.