පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර හා කෑගල්ල දිස්ත්රික්කවල කඳු ආශ්රිත ප්ර‘දේශ නායයෑමකට ලක්විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව පස්කඳු කඩාවැටීම ගල් පෙරළීම සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් නායායාම් ලක්ෂණ දුටු වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හෙට (10) සවස 6.00 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බවද එම සංවිධානය පෙන්වා දෙයි.