දිස්ත්රික්ක හයක් සඳහා තවදුරටත් නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. අද (03දා) පෙ.ව. 9.30 සිට හෙට (04දා) පෙ.ව. 9.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු වෙයි.
රත්නපුර - කොලොන්න,අයගම, බලංගොඩ, කහවත්ත, කුරුවිට ඉඹුල්ලේ, ඇහැළියගොඩ, වැලිගෙපොළම ප්රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්රදේශ
ගාල්ල - බද්දේගම, ඇල්පිටිය, යක්කලමුල්ල හා නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්රදේශ
බදුල්ල - හල්දුම්මුල්ල හා පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාශ හා ඒ අවට ප්රදේශ
හම්බන්තොට - කටුවන හා ඕකෙවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්රදේශ
කළුතර - පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය සහ අඟලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්රදේශ
මාතර - පස්ගොඩ, පිටබැද්දර හා කොටපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්රදේශ