දිස්ත්‍රික්ක 4කට තවත් නායයෑමේ අවධානම්
- 1 12 2017
- 11:26
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බදුල්ල, රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක හතරට තවදුරටත් නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත. ඒ අනුව හෙට (02දා) පෙ.ව. 5.30 දක්වා මෙම නාය යෑමේ අවධානම් අදාළ වෙයි.
ගාල්ල - බද්දෙගම, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ
මාතර - පස්ගොඩ, පිටබැද්දර, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ
බදුල්ල - හල්ඳුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රදේශ
රත්නපුර - කොලොන්න, අයගම, බලංගොඩ, කහවත්ත, කුරුවිට ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

