අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්රික්ක පහකට නාය යෑමේ අවධානයම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. අද (30දා) පෙ.ව. 5.30 සිට හෙට (01දා) පෙ.ව. 5.30 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්රියාත්මකය.
රත්නපුර - කොලොන්න - ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්රදේශ (බොරලුවගේ අයින, බුළුතොට, රන්හොටිකන්ද, ඉත්තෑකන්ද, උලින්දූව, බුත්කන්ද/ වලේබොඩ, බොල්තුඹේ, මාරතැන්න, උඩගම පිඩලිගන්අරා)
බදුල්ල - හල්ඳුම්මුල්ල හා බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්රදේශ
මාතලේ - ලග්ගල - පල්ලෙගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්රදේශ
ගාල්ල - ඇල්පිටි ප්රා දේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්රදේශ
මාතර - පිටබැද්ද හා කොටපොළ ප්රා දේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්රදේශ