පවතින අධින වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල කඳු නායයෑමකට ලක් විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ නිසා නායයෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ප්‍ර‘දේශයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය ප්‍ර‘දේශයේදී සිදු වූ ගල්පෙරළීමක් නිසා එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බවත්, මීට අමතරව මහනුවර මයිලපිටිය මාර්ගය හා ගම්පොළ පුපුරැස්ස මාර්ගයද අවහිර වී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවත් ඔහු කියා සිටියේය.
යම් ගැටලුවක් පවතීනම් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.