දිස්ත්රික්ක පහකට නාය යෑමේ අවධානම්
- 10 09 2017
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ වන විට දිවයිනේ දිස්ත්රික්ක කිහිපයකට බලපා ඇති අධික වැසි සහිත තතත්වය හේතුවෙන් දිස්ත්රක්ක පහකට නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංචිධානය කටයුතු කර තිබේ.
වැඩිම ප්රදේශ ගණනක් අවධානමකට ලක්ව ඇත්තේ රත්නපුර දිස්ත්රික්කයෙනි. ඒ අනුව
රත්නපුර දිස්ත්රික්කයේ ඇහැළියගොඩ, අයගම, රත්නපුර, ඇලපාත, කුරුවිට, කිරිඇල්ල , කලවාන, නිවිතිගල, පැලමඩුල්ල හා ඉඹුල්ලේ යන ප්රා දේශීය ලේකම් කොට්ඨස හා ඒ අවට ප්රදේශ
නාය යෑමේ අවධානමකට ලක්ව ඇතැයි ඔවුහු පවසති.
මීට අමතරව
කලුතර දිස්ත්රික්කය - බුලත්සිංහල, පාලින්දනුවර, අඟලවත්ත, වලල්ලාවිට, ඉංගිරිය හා මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨස හා ඒ අවට ප්රදේශ
ගාල්ල දිස්ත්රික්කය - නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨස හා ඒ අවට ප්රදේශ
කෑගල්ල - දෙහිඕවිට, යටියන්තොට හා බුලත්කොහුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨස හා ඒ අවට ප්රදේශ
නුවරඑළිය - අඹගමුව කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨස හා ඒ අවට ප්රදේශ
යන ප්රදේශ නාය යෑමේ අවධානමකට ලක්ව ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

