රත්නපුර, මාතර, කළුතර දිස්ත්‍රික්වලට ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳු නායයාම සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නායයාම් සිදුවිය හැකි ලක්ෂණ දුටු විගස අදාළ ප්‍රදේශයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
පවතින තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අදාළ කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර තබා තිබෙන බවත්, යම් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳ 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් හෙතෙම ඉල්ලා සිටී.