රත්නපුර, කෑගල්ල, මාතර, කළුතර, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවලට හෙට (10) දිනයේදී මිලි මීටර් 50ක තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය අද නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්ද ඇතිවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.
එසේම නැගෙනහිර, ඌව, උතුරු මැද පළාත් වල සවස් කාලයේ ගිඟුරුම් සහිතව වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වළාකුළින් බරව පවතින බවත් ඔවුන් සඳහන් කරයි.