දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානම්
කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතිවී තිබෙන වැසි තත්ත්වය නිසා කඳු ආශ්රිත ප්‍ර‘දේශ නායයාමකට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් ඒ නිසා පිළිබඳව ජනතාව අවධානය යොමුකළ යුතු බවත්,නායයාමේ ලක්ෂණ මතුවනවානම් වහාම ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත් එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද යම් අනතුරක් ඇතිවෙමින් තිබේ නම් ඒ පිළිබඳව වහාම 117 දුරකථරන අංකයට හෝ 011267002 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
යම් දිස්ත්‍රික්කයක කඳු ආශ්රිත ප්‍ර‘දේශවලින් අසාමාන්‍ය මඩ වතුර සහිත ජල පහර ගලාගෙන එනවානම් හෝ ගස්ගැලවී ගොස් ගොඩනැගිලි ඉරිතැලීම්වලට ලක්වනවානම් එය නායයාමේ ලක්ෂණ විය හැකි බවද පවසා සිටියේය.
තවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ ආපදා කළමනාකරණ ඒකකය වෙනුවෙන් වෙනත් වගකිවයුතු ආයතන සිදුකරන ප්‍රකාශ පිළිබඳවත් ජනතාව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

