කොළඹ, කළුතරථ, ගම්පහ, රත්නපුර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලට අද (02දා) මිල මීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම බස්නහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත් ඇතුළුව දිවයිනේ නිරත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බවද ඔහුන් පවසයි.
අද දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 50 දක්වා වේගවත් සුළංද බලාපොරොත්තුවිය හැකි බවයි.