ඇතිවෙමින් තිබෙන සංවහන තත්ත්වය නිසා හෙට (14දා) දිනය තුළදීත් දිස්ත්‍රික්ක 10කට සවස 2.00 න් පසු වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මින් දිස්ත්‍රික්ක 08කට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, මේ නිසා අකුණු අනතුරු අවම කරගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
මේ අනුව අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සහ මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවලට ස්වල්ප වශයෙන් වැසි ඇතිවන බවද හෙතෙම පවසා සිටියේය.