(Video) අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්රිකකයේ ප්රදේශ රැසකට බලපා තිබූ ගංවතුර තත්ත්වය ක්රමයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (22දා) උදෑසන 6 වනවිට නාගලගම්විදීය මාපකයේ ජල මට්ටම අඩි 6ක් ලෙස සටහන්ව තිබූ බවත්, ඒ අනුව කොළොන්නාව හා කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑ ජල ගැලීම් තත්ත්වය ක්රමයෙන් පහව යාම ආරම්භ වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේ වෙතත් රත්නපුර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර , කළුතර හා බදුල්ල දිස්ත්රික්ක සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
මේ අතර කැලණි ගඟේ ජල මට්මද ක්රමයෙන් පහළ බසින අතර ඒ ආශ්රිත ඇති වූ ගංවතුර මට්ටමද ක්රමයෙන් පහළ යන නමුදු ගංවතුර සම්පූර්ණයෙන්ම බැසගොස් නොමැති බැවින් පීඩාවට පත්ව සිටින ජනතාව තවමත් විවිධ ස්ථානවල රැඳී සිටිති.
අද(22දා) දිනයේ කැලණි ගඟ ආශ්රිත ගංවතුර මට්ටම දැක්වෙන වීඩියෝව පහතින්
VIDEO