පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මොනරාගල, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, කුරුණෑගල, රත්නපුර දිස්ත්රික්කවල පිහිටි කඳු නාය යෑම්වලට ලක්විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඊයේ (05දා) සවස 7.30 සිට අද (06දා) සවස 7.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්රියාත්මක බවත්, මේ නිසා මෙම දිස්ත්රික්කවල කඳු ආශ්රිතව ජීවත් වන ජනතාව කඳු නාය යාම් පිළිබඳව සහ පස්කඳු ආශ්රිතව සිටින පිරිස් පස් කණ්ඩි කඩා වැටීම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද එම ආයතනය ඉල්ලා සිටියි.