දිවයිනේ බොහෝ තැන්වල තද සුළං
- 3 08 2017
- 10:07
- {{hitsCtrl.values.hits}} views
- සජිත් ගයාන්
දිවයිනේ දකුණු අර්ධය හරහා මෙන්ම මධ්‍යම කඳුකරය හරහා සහ බස්නාහිර, දකුණු මුහුදු ප්‍රදේශවල අද (03දා) සුළඟේ වේගය වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ පළාතෙත්, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව එම නිවේදයේ දැක්වේ.
මේ අතර රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල මි.මී.50ක් පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
