කුඩා දිවි පැටවුන් දෙදෙනෙකු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ මාර්ගයක දමාගොස් සිටියදී උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකුට හමුවීමෙන් අනතුරුව එම පැටවුන් දෙදෙනා යාපනය වනජීවී කාර්යාලය වෙත බාර දී තිබේ.
උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම වාරිමාර්ග සත්ත්ව සංවර්ධන අමාත්‍ය ඒ. අයංගර නේෂන් මහතාට පසුගියදා (13දා) රාත්‍රියේ මෙම දිවිපැටවුන් දෙදෙනා හමුවී තිබේ. ඒ මහතා ජීප් රියෙන් පුදුකුඩිඉරුප්පු මාර්ගයේ ගමන් කරද්දී එක්වරම මාර්ගයට දුවගෙන ආ පුද්ගලයෙකු කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් මාර්ගයේ තබා පලාගොස් තිබුණි.
අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් ජීප් රථය නවතා එම පෙට්ටිය පරීක්ෂාවට ලක්කරද්දී එහි දිවිපැටවුන් දෙදෙනෙකු සිටින අයුරු දැක අමාත්‍යවරයාට ඒ බව දන්වා තිබේ. අමාත්‍යවරයා විසින් වහාම දිවිපැටවුන් දෙදෙනා යාපනය වනජීවී කාර්යාලයට බාරදීමට කටයුතු කර තිබේ.