ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ රාජ්‍ය ආයතන 19ක සහභාගිත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ස්ථාන 324ක් කේන්ද්‍ර කරගනිමින් රටපුරා මේ දිනවල පැවැත්වෙන දිවි නැගුම අවුරුදු පොළවල් සඳහා මේ වනවිට ලක්ෂ 15කට අධික පිරිසක් පැමිණ ඇති බවත්, ඒ සදහා ග්‍රාමීය නිෂ්පාදකයන් 12,000ක පිරිසක් සහභාගිවී සිටින බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අප්‍රේල් 07 වැනිදා ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ වූ දිවි නැගුම පොළවල් 12 වැනිදා අවසන් වන අතර එහි රෙදිපිළි, එළවලු සහ පලතුරු, රස කැවිළි, සහල්, පොල්, කිරිපිටි, වියළි ආහාර, ධාන්‍ය වර්ග, කුඵබඩු, ධාන්‍ය වර්ග, සත්ව නිෂ්පාදන ඇතුඵ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පාරිභෝගිකයන්ට ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. වෙළෙඳ සහ මහවැලි අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 19ක් එක්ව සංවිධානය කරනු ලැබූ දිවි නැගුම පොළවල් 12 වැනිදා නිමා වනවිට ලක්ෂ 30කට ආසන්න පාරිභෝගිකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.