දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි.
අද පෙරවරු 10.07 ට යෙදුණු සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොල් පැළයක් රෝපණය කිරීමත් සමග මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ආරම්භ කෙරිණි.
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලෙකම් නිහාල් ජයතිලක, දිවි නැගුම අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.