දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර මහ කන්නය ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් මස 20 වැනි සඳුදා පෙරවරු 10.07ට එළඹෙන සුබ මොහොතින් නැගෙනහිර දිසාව බලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ සිටවීමෙන් දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතය.
පවුලේ ආර්ථිකය සහ පෝෂණය වැඩි දියුණු කරමින් ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයක් සවිබල ගැනීමේ දිවි නැගුම 6 වැනි අදියරට සමගාමීව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331කට අයත්, ග්‍රාම සේවා වසම් 14,022ක ක්‍රියාත්මක එය ක්‍රියාත්මක වේ.
ගෘහ ආර්ථිකය ගොඩනැගීම තුළින් රටේ ආර්ථිකයට පුනර්ජීවයක් ලබාදීම උදෙසා ඉසුරුමත් නිවහනක් අසිරිමත් මවුබිමක් යන තේමාව යටතේ දිවි නැගුම ප්‍රථම අදියර 2011 මාර්තු මස ආරම්භ වූ අතර එය මේ වනවිට සියලු දෙනාම දායක කර ගනිමින් වතු, ග්‍රාමීය, නාගරික සහ සියලු ජන කොටස්වල සහභාගිත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක වන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.