දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හා වයඹ පළාත සහ යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මද වැසි තත්ත්වයක් අද 21 දිනයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත් සහ මුලතිව් දිස්ත්‍රික්කය ආශ්‍රිතව පස්වරු 02.00 පසු ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
විශේෂයෙන් ගිඟුරුම් වැසි සමග තද සුළං ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.