දිවයිනේ මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සබරගමුව, උතුරු මැද, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලත් සුළගේ වේගය වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (04දා) සඳහන් කරයි.
මේ අතර සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කළුතර, කොළඹ, ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව ඔවුහු පවසති.
විශේෂයෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවල මි.මී. 50ක් වූ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.