දිවයිනේ නිරිත දිග ප්‍රදේශ බොහොමයකට අද (23දා) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.
මේ අතර කොළඹ, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට (මී.මී. 50 වඩා වැඩි) තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඌව පළාත හා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගිඟුරුම් සහති වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.