බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍ර දේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් හෙට හා අනිද්දා (29දා හා 30 දා) දිවයිනේ නිරත දිග කොටසේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිහ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 80 දක්වා තද සුළං බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වෙයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවැයි හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළුව ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්ම වූ වැසිද ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.