යාපනය දිස්ත්‍රික්කය හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ගිගුරුම් වැසි ඇතිවන ප්‍රදේශවල වැසිත් සමඟ අකුණු කෙටීම් හා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.