පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මෙහෙයවීම මත ශ්රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානයනට අනුයුක්ත පොලිස් නිලධාරීන් 10,756 යොදවා ඊයේ (29දා) දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1570ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අතර අධිකරණ වරෙන්තු ලබා සිටී පුද්ගලයන් 739ක්, අපරාධ සඳහා අත්අඩංගුවේ සිටී පුද්ගලයන් 112ක්, හෙරොයින් ළඟ තබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් 198ක්, මත්පැන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 200ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මීට අමතරව බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 310ක්, රියදුරු බලපත්ර නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයන් 169ක්, බරපතළ රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 96ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.