දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත්, නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව විශේෂයෙන්ම දකුණු, නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතින බවද කියයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්ව සැලකීමේදී, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, සෙසු මුහුදු ප්‍රදේශවල සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන බවද කියයි.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසනතුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී.50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.