එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම හරහා තමන්ට අපහාස වන අන්දමේ ප්රවෘත්ති පළ කළ බව සඳහන් කරමින් දෙරණ නාළිකාවේ සම කළමනාකරණ අධ්යක්ෂ දිලිත් ජයවීර මහතා එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාමෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට කටයුතු කර තිබේ.
දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ සමන් සේනාධීර මහතා එම්.ටී.ටී. චැනල් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මහතාට මෙම එන්තරවාසිය අද (18දා) යොමු කිරීමට කටයුතු කළේය.
රූපවාහිනී ප්රවෘත්ති, ගුවන්විදුලි ප්රවෘත්ති ජංගම දුරකථන ඔස්සේ යවන කෙටි පණිවුඩ හරහා මෙන්ම වෙබ් ජාලයේ අසත්‍ය ප්‍රකාශ පළ කිරීම් හරහා දිලිත් ජයවීර මහතා වංචාකාරී ව්‍යාපාරිකයෙක් බව සමාජගත කිරීමට එම මාධ්‍ය ජාලය උත්සාහ කර ඇතැයි එන්තරවාසියේ සඳහන් කර තිබේ.
වන්දි මුදල දින 21ක් ඇතුළත් ගෙවන ලෙසත්, පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසත් නීතිඥ සේනාධීර මහතා යොමුකළ එන්තරවාසියේ සඳහන් වෙයි.
එසේම එම ප්‍රකාශ ඉල්ලා අස්කරගන්නා ලෙසත්, එම චෝදනා නිවැරදි කර සමාන ප්‍රසිද්ධියක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා සඳහන් කරයි. සම්පූර්ණ මුදල නොගෙවන්නේනම් හෝ ප්‍රකාශ පළ කිරීම නොනැවැත් වුවහොත් අධිකරණයක නඩු පැවැරීමට කටයුතු කරන බවත් එන්තරවාසියෙන් වැඩිදුරටත් සඳහන් වෙයි.