මිරිස්ස වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටී විදේශිකයන් තිදෙනෙකු දියවැළකට හසුව ගිලෙමින් සිටියදී අද (30දා) බේරාගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිටින ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසකට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව බේරාගත් එම විදේශිකයන් චෙක් ජනපදය සහ රුසියාව යන රටවල්වල පුරවැසියන් වන බවත්, ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටී බව නාවික හමුදාව පවසයි.