දියතලාව කහගොල්ල ප්රදේශයේදී අද (21දා) අලුයම බස් රථයක ඇතිවූ පිපිරීම ත්රස්තවාදී ක්රියාවක් නොවන බව තහවුරු කරන්නේ යැයි ශ්රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම අනතුරින් පුද්ගලයෝ 19ක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතර යුද හමුදා සෙබළුන් 7 දෙනෙක් හා ගුවන් හමුදා සෙබළු 5ක් ද වන අතර සියලු තුවාලකරුවෝ මේ වන විට දියතලාව රෝහලට ඇතුළත් කර සිටිති.