තම දියණියට අමානුෂික ලෙස පහර දී මුහුණ සපා කෑ බවටසැකපිට ඇගේ පියා වනාතවිල්ලුව පොලීසිය මගින් ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වනාතවිල්ලුව, පරණ එළුවන්කුලම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු විසි දෙකක පුද්ගලයෙකි.
පසුගිය 18වැනිදා රාත්රියේ සැකකරු ඔහුගේ වයස අවුරුදු දෙකයි මාස හතරක් පමණ වයසැති කුඩා දියණිය නිදා සිටියදී අමානුෂික ලෙස වේවැලකින් පහරදී දෙකම්මුල් සපා කෑ බව දැරියගේ මව විසින් වනාතවිල්ලුව පොලීසියට පැමිණිලි කර තිබිණි.