නිලාවේලි මුහුදේ දිය සිටි පාසල් සිසුන් කණ්ඩායමක දෙදෙනෙකු ඊයේ (26 දා) දිය වැලකට හසුවි ගසාගෙන යද්දි පොලිස් ජිවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදා වෙරලාරක්ෂක බලකාය එක්ව ඔවුන්ගේ ජිවිත බේරාගැනීමට සමත්ව තිබේ. වව්නියාව, උක්ලාම් කුලම පදිංචිකරුවන් වන සුසෙයිරාජ් මනුරාජ් (18) හා සංකර් සුරේෂ් (18) යන සිසුන් දෙදෙනාගේ දිවි මෙසේ ගලවාගනු ලැබිණි.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා