ලක්ෂපාන දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටී දෙදෙරු මවකගේ සිරුර අද (25දා) උදෑසන ලක්ෂපාන දියඇල්ලට පහලින් වූ ගල් අතර සිරවී තිබී සොයාගත් බව නෝටන්බ්රීජ් පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තාවගේ මාස දෙකහමාරක් වයසැති සිඟිති දියණියකගේ සිරුර අද අළුයම ලක්ෂපාන දියඇල්ලට පහලින් වූ කොත්තැල්ලෙන පුද්ගලික විදුලි බලාගාරයක ජලය නිකුත් කරන ටැංකියේ තිබී සොයා ගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නෝටන්බ්රීජ් තෙබර්ටන් වතයායේ පදිංචි 29හැවිරිදි සෙල්වරාජ් සුසිලා නම් කාන්තාව හා ඇගේ කුඩා දියණියක් බව පොලීසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් නෝටන්බ්රීජ් පොලීසිය වැඩිදුර විමර්ශන කටුයුතු සිදුකරනු ලබයි.