දෙමළ ජනතාවගේ ගැටලුවට විසඳුමක් වශයෙන් ෆෙඩරල් ක්රමය පිළිබඳව තමන් කළ ප්රකාශය වරදරාජා පෙරුමාල්ගේ ෆෙඩරල් ප්රකාශ වලට සමාන යැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා ප්රකාශ කිරීම ගැන කණගාටුව ප්රකාශ කරන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේස්වරන් මහතා කීවේය.
එසේම දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා වැනි උගත් පුද්ගලයෙක් එවැනි ප්රකාශයක් කිරීම පිළිගත නොහැකි බවත් එමගින් දකුණේ සිංහල ජනතාව නොමග යැවීමට ගන්නා උත්සහයක් ගන්නා බවත් ඔහු පැවැසීය.